Monday, April 21, 2025
Home » යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානි රාජකාරී ආරම්භ කරයි

යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානි රාජකාරී ආරම්භ කරයි

by sachintha
February 13, 2025 3:53 am 0 comment

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 66 වන මාණ්ඩලික ප්‍රධානි වශයෙන් ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පසුගිය 10 දා යුද්ධ හමුදා මූලස්ථානයේදි නිල වශයෙන් සිය තනතුරේ රාජකාරී ආරම්භ කරන ලදි.

මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ 1970 ජූනි මස 06 වන දින උපත ලබා මාතලේ විජය විද්‍යාලයෙන් හා මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙතින් අධ්‍යාපනය හදාරා 1989 ජනවාරි මස 20 වන දින පාඨමාලා අංක 31 IMA යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්ව 1990 ඔක්තෝබර් මස 05 වන දින අධිකාරි ලත් නිලධාරියෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට එක්වන ලදි.

දැනට යුද්ධ හමුදාවේ වසර 35ක යුද්ධ හමුදා සේවා කාලයක් සපුරා ඇති අතර, සිය වෘත්තිය දිවිය තුළ අණ, මාණ්ඩලික හා උපදේශක තනතුරු රැසක් හොබවා ලද අත්දැකීම් සහ නිපුනත්වයෙන් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මාතෘ භූමිය කුරිරු ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සක්‍රීය දායකත්වය ලබාදී ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ වික්‍රම සහ රණ ශූර යන වීර පදක්කම්වලින් පිදුම් ලබා ඇති අතර, නව තනතුරට පත්වීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වශයෙන් රාජකාරි ඉටුකරන ලදි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT