Home » ටවර් නාට්‍ය උලෙළ ආරම්භ කෙරේ

ටවර් නාට්‍ය උලෙළ ආරම්භ කෙරේ

by sachintha
February 13, 2025 3:48 am 0 comment

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 05 වැනි වරටත් සංවිධානය කළ Òඅපේක්ෂාවේ වේදිකා මංගල්‍යයÓ ‘ටවර් නාට්‍ය උලෙළ’ පෙබ, 11 දින ටවර් හෝල් රඟහල පදනමේ සභාපති අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙ‍ණෙවියගේ ප්‍රධානත්වයෙන් මරදාන ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලා කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණි.

නාට්‍ය රසවිඳීම සඳහා ගුණාත්මක ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කිරීම, නාට්‍යකරුවන්ගේ ආදායම් මට්ටම වැඩිදියුණු කිරීම, නාට්‍ය ප්‍රවර්ධනය කිරීම හා නාට්‍ය පිළිබඳ පුළුල් සමාජ කථිකාවතක් ගොඩනැඟීම අරමුණු කරගනිමින් මෙම උලෙළ සංවිධානය කෙරේ.

මෙවර නාට්‍ය උලෙළේදී පුරා දින 10ක් තුළ දිගු නාට්‍ය 14ක්, කෙටි නාට්‍ය 12ක් හා ළමා නාට්‍ය 08ක් වශයෙන් නාට්‍ය 34ක් දර්ශන වාර 68ක් වේදිකාගත කෙරේ.

නාට්‍ය උ‍ලෙළ පැවැත්වෙන දින 10 පුරාවට ටවර් කලා ශිල්පීන් දෙපළක් බැගින් ශිල්පීන් 20 දෙනකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ‘ටවර්’ උපහාර සම්මානය හා මූල්‍යමය තිළිණ පිරිණැමෙන අතර එහි පළමු සම්මානය ප්‍රවීණ කලාකරු විජේරත්න වරකාගොඩ මහතා වෙත අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය අතින් පිරිනැමිණ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT