Home » මිලින්ද මොරගොඩගෙන් හෙට ඉන්දියාවේදී දේශනයක්

මිලින්ද මොරගොඩගෙන් හෙට ඉන්දියාවේදී දේශනයක්

by sachintha
February 13, 2025 1:44 am 0 comment

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ සහ ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, ඉන්දියාවේ බැංගලෝර් හි ස්ථාපිත එම්.එස්. රාමයියා විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජාතික ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ විශේෂ දේශනයක් සඳහා ඇරයුම් ලබා සිටී.

ජාතික ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේදී හෙට (14) පවත්වන මෙම දේශනය සඳහා ඉන්දියාව සහ අවට රටවල් ගණනාවක විද්වතුන් ආරාධනා ලැබ සහභාගී වන අතර ‘කැළඹිලි සහිත කාලවකවානුවක ප්‍රතිපත්ති සම්පාදනයේ අභියෝග’ මැයෙන් මොරගොඩ මහතා එම දේශනය පැවැත්වීමට නියමිතයි.

 

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT