Monday, April 21, 2025
Home » මන්ත්‍රී නාමල්ගේ තවත් මුදල් ගනුදෙනුවක් ගැන CIDය නීතිපති උපදෙස් පතයි

මන්ත්‍රී නාමල්ගේ තවත් මුදල් ගනුදෙනුවක් ගැන CIDය නීතිපති උපදෙස් පතයි

by chanaka
February 13, 2025 12:57 pm 0 comment

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්සී නැමැති සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ දන්වනු ලැබීය.

සිද්ධියට අදාළ පැමිණිල්ල අගෝස්තු මස 7 වැනිදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙස ද නියෝග කළාය.

මෙම පැමිණිල්ල අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙලෙස නියෝග කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ නිත්‍යා සේනානී සමරනායක, සුජානි බෝගල්ලාගම සහ සුදර්ශන ගනේගොඩ ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සදහන් කලේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි.

නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව නිලධාරීහු අධිකරණය හමුවේ පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්.කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනාව යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබුණී.

මෙම පැමිණිල්ල ඉකුත් යහපාලන රජය සමයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කල්පනි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT