Home » අධිකරණ තීන්දුවට පිටින් ගිය ගජේන්ද්‍රකුමාර්ට සිතාසි

අධිකරණ තීන්දුවට පිටින් ගිය ගජේන්ද්‍රකුමාර්ට සිතාසි

by yasara
February 13, 2025 9:52 am 0 comment

හෙට (14) මල්ලාකම් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට සීතාසියක් යවා තිබෙයි.

අධිකරණ නියෝග නොතකා යාපනයේදී විරෝධතාවයක් සංවිධානය කිරීමේ හේතුවෙන් මෙලෙස සිතාසි යොමු කර ඇති බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් පිරිසක් යාපනයේ කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට කන්කසන්තුරේ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අධිකරණ නියෝගය ලබා ගෙන තිබුණි.

එහි සඳහන් වූයේ විහාරස්ථානය අයත් ග්‍රාම සේවා වසම තුළ කිසිදු ආකාරයක විරෝධතාවයක් නොපවත්වන ලෙසයි.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට එම ප්‍රදේශයට ඇතුළු වීමද තහනම් කොට තිබියදී ඔහු පිරිසක් සමග පැමිණ කළු කොඩි ඔසවා තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතවයක් පවත්වා තිබුණි.

මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණයට වග උත්තර බැඳීම පිණිස මන්ත්‍රීවරයාව අධිකරණයට කැඳවා ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT