Home » ‘ටයිෆෝන්’ මැදදුර මිසයිල ගැන චීනය අනතුරු අඟවයි

‘ටයිෆෝන්’ මැදදුර මිසයිල ගැන චීනය අනතුරු අඟවයි

by chanaka
February 13, 2025 12:34 pm 0 comment

‘ටයිෆෝන්’ මැදදුර මිසයිල පද්ධතිය වැනි ගැටළු සම්බන්ධයෙන් පිලිපීනය තමන්ටත් අන් අයටත් හානි නොකළ යුතු බවට චීනය අනතුරු අඟවයි.

පිලිපීන නායකයාගේ එරට මැදදුර මිසයිල ස්ථානගත කිරීම පිළිබඳ ප්‍රකාශයට එරෙහිව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (12) පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

ඇමරිකාව පිලිපීනය තුළ මැදදුර මිසයිල පද්ධතිය ස්ථානගත කිරීම සම්බන්ධයෙන් චීනය එයින් සිදුවන බරපතල හානිය සහ සිය දැඩි විරෝධය නැවත නැවතත් ප්‍රකාශ කර ඇතැයි Guo Jiakun මහතා එහිදී පෙන්වා දී තිබේ.

කවුරුත් දන්නා පරිදි, ‘ටයිෆෝන්’මැදදුර මිසයිල පද්ධතිය යනු බහුතර අග්නිදිග ආසියානු රටවල් ආවරණය වන පරාසයක් සහිත උපායමාර්ගික ප්‍රහාරක අවියකි. ඇමරිකාව පිලිපීනයේ එම පද්ධතිය ස්ථානගත කිරීම කලාපීය සාමය හා ස්ථාවරත්වය මෙන්ම සෙසු රටවල සාධාරණ ආරක්ෂක අයිතිවාසිකම්වලට හානි කර ඇතැයි Guo Jiakun මහතා පැවසීය. පිලිපීනය ඇමරිකාව සමඟ පවතින සහයෝගය හේතුවෙන් තමන්ගේම ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව නොසලකා “ටයිෆෝන්” තම රටට හඳුන්වාදීම, භූ දේශපාලනික ගැටුම් සහ යුදමය තරඟයේ අවදානම එම කලාපයට හඳුන්වාදීමකි. පිලිපීනයේ එම ක්‍රියාව තමන්ටත් අන් අයටත් හානි වන බව ද Guo Jiakun මහතා අවධාණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT