Home » චීනය සහ අග්නිදිග ආසියානු රටවලින් දකුණු චීන මුහුදට චර්යාධර්ම පද්ධතියක්

චීනය සහ අග්නිදිග ආසියානු රටවලින් දකුණු චීන මුහුදට චර්යාධර්ම පද්ධතියක්

by sachintha
February 13, 2025 1:30 am 0 comment

බටහිර රටවල වැඩි අවධානයට ලක් වී ඇති දකුණු චීන මුහුදේ තිරසර සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීමේ අරමුණින් චීනය සහ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය එක්ව චර්යාධර්ම පද්ධතියක් සකස් කිරීමට සැලසුම් කර ඇතැයි චයිනා ඩේලි පුවත් සේවය වාර්තා කරයි. ගෝලීය ආර්ථිකයේ ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන දකුණු චින මුහුද අවට පිහිටි රටවලට සිය සංවර්ධන කටයුතු සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට අතිශය වැදගත් සාධකයක් වන බවත්, එම චර්යාධර්ම පද්ධතිය සඳහා අසල්වාසී සියලු කොටස්කරුවන්ගේ දායකත්වය අවශ්‍ය වී ඇති බවත් චයිනා ඩේලි පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

චීනය, පිලිපීනය සහ ජපානය හිමිකම් කියන දකුණු චීන මුහුදේ ධීවර සහ නාවික කටයුතුවලදී එම රටවල් අතර උණුසුම් තත්ත්වයක් පසුගිය වසර කිහිපය පුරා උද්ගත වී තිබූ අතර, චීනය සහ බටහිර රටවල් අතර දේශපාලන වශයෙන් ගැටුම් සිදුවීමට හේතු වී තිබිණි. ගෝලීය නැව් මාර්ගයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන දකුණු චීන මුහුදේ කිසිදු රටකට පූර්ණ අයිතිවාසිකම් හිමි නොවුවද, වැඩි කොටසකට චීනය විසින් හිමිකම් කියනු ලබන බව වාර්තා වේ.

බැවින් එම මුහුදු කලාපයේ චීන ක්‍රියාකාරකම් අමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි විවේචනයට ලක්වී තිබේ. ධීවර කටයුතුවලට අමතරව ගෑස් සහ ඉන්ධන වෙළෙඳ නෞකා ගමනාගමනයෙන් තුනෙන් එකක් පමණ දකුණු චීන මුහුද ඔස්සේ සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT