Home » ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි

ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි

by chanaka
February 13, 2025 2:05 pm 0 comment

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම් දී තිබුණි.

ඒ අනුව, මැයි 30වැනිදා නඩුව යළී කැඳවන ලෙස මහේස්ත්‍රාත් ඒ ඩී චතුරිකා සිල්වා මහත්මිය නියෝග කර තිබේ.

කෙසේ වෙතත් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේ, එම නිදහස් කිරීම් නව සාක්ෂි හෙළිදරව්වක් මත අපරාධ චෝදනා ගොනුකිරීම සලකා බැලීමට බාධාවක් නොවන බවයි.

නීතිපති වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඇන්ජලෝ වැන්හොෆ්ගේ අත්සනින් මේ නිවේදනය නිකුත්කර තිබිණි.

ප්‍රේම් ආනන්ද උදලාගම නමැත්තා නීතිපති විසින් නිදහස් කිරීමට නිර්දේශ කර ඇත්තේ ලසන්ත වික්‍රමතුංගගේ රියැදුරු පැහැර ගෙනයාම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළවය.

ඔහු හදුනාගැනීම සම්බන්ධයෙන් උද්ගතවූ නෛතික දුර්වලතා හේතුවෙන් අපරාධ චෝදනා ගොනුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම නිසා නිදහස් කිරීමට තීරණය කළ බව නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් විය.

එම නිවේදනයේ වැඩිදුටරත් දක්වා තිබුණේ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ වාහනයේ තිබූ ලේඛනයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොන් තිස්සසිරි සුගතපාල හා සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන දෙදෙනාද චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත නිදහස් කිරීමට තීරණය කළ බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT