Monday, April 21, 2025
Home » ඉන්දියාවට පළා ගිය අපරාධකරුවෙක්ව කටුනායක දී අත්අඩංගුවට

ඉන්දියාවට පළා ගිය අපරාධකරුවෙක්ව කටුනායක දී අත්අඩංගුවට

by chanaka
February 13, 2025 11:28 am 0 comment

ශ්‍රී ලංකාව තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පළා ගොස් සිටි සහ ගමන් බලපත්‍ර නොමැතිව රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තැනැත්තෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ(12) රාත්‍රී පැමිණ සිටියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්දලගල බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නැමැති 46 හැවිරිදි මේ පුද්ගලයා රත්නපුර , කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු රත්නපුර , කුරුවිට ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50 ක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීම , මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සහ මිරිහාන ප්‍රදේශයේ දී ජීව අත් බෝම්බයක් ළග තබා ගැනීම සහ මිනීමැරුම් කීපයක් සිදු කර සිටියදී මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමු කර තිබුණි .

එහිදී මොහු අධිකරණ මග හැර බෝට්ටුක නැගී ඉන්දියාව වෙත පළා ගොස් සිටියදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් ගමන් බලපත්‍ර නොමැතිව , නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වී සිටීම නිසා , ඔහුව යළිත් මෙරටට පිටුවහල් කිරීමට ඉන්දීය ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණි.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රී 10.15 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

අද(13)උදෑසන මොහු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සදහා පියවර ගෙන තිබුණි.

කටුනායක ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT