Home » විදුලි කප්පාදුව අදත් – කාලසටහන නිකුත්‌ වෙයි

විදුලි කප්පාදුව අදත් – කාලසටහන නිකුත්‌ වෙයි

by yasara
February 13, 2025 9:43 am 0 comment

අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය විසන්ධි කරනු ලබන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

පසුගිය ඉරිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය.

මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීයව පවතින අතර එහි නඩත්තු කටයුතු විදුලි ඉංජිනේරුවන් විසින් සිදුකෙරෙමින් පවතී.

අදාළ කටයුතු කඩිනමින් අවසන් කිරීමෙන් අනතුරුව ජනන යන්ත්‍ර සක්‍රීය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

බොහෝ දුරට හෙට (14) දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT