Sunday, April 20, 2025
Home » ජනපති දිවයිනට එයි

ජනපති දිවයිනට එයි

by yasara
February 13, 2025 9:35 am 0 comment

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 – ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , එම සංචාරය නිමා කර අද (13) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

එසේම ජනාධිපතිවරයා සමග එම රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එරටට ගොස් සිටි ශ්‍රී ලංකා දූත පිරිස ද , ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් අද උදෑසන 08.25 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉකුත් 02/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT