Wednesday, April 23, 2025
Home » යුකිත-සෙහඳු රාජකීය පුතුන් තුන් ඉරියව් දස්කම් දක්වති

යුකිත-සෙහඳු රාජකීය පුතුන් තුන් ඉරියව් දස්කම් දක්වති

by sachintha
February 12, 2025 1:55 am 0 comment

පළමු පෙළ 19න් පහළ තරගයකදී රාජකීය විදුහලේ සෙහඳු සූරියාරච්චි කඩුලු 5ක් හා 13න් පහළ තරගයකදී රාජකීය විදුහලේ යුකිත පද්මශාන්ත කඩුලු 5ක් බිඳහෙළා දස්කම් දක්වති.

ගල්කිස්ස සාන්ත තෝමස් හා කොළඹ රාජකීය අතර අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ පැවති 19න් පහළ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුවද වැඩි ගෞරව රාජකීය විදුහල සතු විය. සෙහඳු සූරියාරච්චි තරගය පුරා කඩුලු 6ක් බිඳහෙළුෑ අතර, විමත් දින්සර ශතකයක්, රෙහාන් පීරිස් හා රමිරු පෙරේරා අර්ධ ශතක වාර්තා කළහ. සාන්ත තෝමස් විදුහලේ සදෙව් සොයිසා අර්ධ ශතකයක් ලබාගත් අතර, අභීත් පරණවිදාන කඩුලු 5ක් බිඳහෙළා ගත්තේය.

කොළඹ රාජකීය පළමු ඉනිම ලකුණු 310 (ඕවර 102.4) රෙහාන් පීරිස් 82, රමිරු පෙරේරා 81 (මිනොන් වර්ණසූරිය 37/2, අභීත් පරණවිදාන 66/2)

ගල්කිස්ස සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 120 (ඕවර 58.2) සචිත ගුණසිංහ 33, දිනෙත් ගුණවර්ධන 28 (සෙහඳු සූරියාරච්චි 31/5, රනුක මල්ලවරාච්චි 39/2)

කොළඹ රාජකීය විදුහල දෙවැනි ඉනිම ලකුණු 248 (ඕවර 63.5) විමත් දින්සර නොදැවී 122, ඉසුල ගීගනගේ 47 (ආරොන් ද සිල්වා 48/3, අභීත් පරණවිදාන 63/3)

ගල්කිස්ස සාන්ත තෝමස් දෙවැනි ඉනිම කඩුලු 3කට ලකුණු 186 (ඕවර් 39) සදෙව් සොයිසා 57, ජාඩෙන් අමරවීර 46 (සෙහඳු සූරියාරච්චි 23/1, කාලීඩ් රහීම්ඩීන් 19/1)

රාජකීය-ජනාධිපති

කොළඹ රාජකීය හා ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාල අතර පැවති 13න් පහළ පාසල් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ ජය රාජකීය විදුහල සතු විය. කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පෙරේදා නිමාවූ මේ තරගයේදී ‘චයිනමන්’ දඟ පන්දු යවන යුකිත පද්මශාන්ත ලකුණු 18කට කඩුලු 5ක් දවාගත් අතර, පන්දුවට පහරදීමේදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 45ක් රැස් කළේය. රාජකීය විදුහලේ අභිරූ වික්‍රමසිංහ අර්ධ ශතකයක් රැස් කළේය.

ඇඹිලිපිටිය ජනාධිපති විදුහල් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 73 (ඕවර 25.1) රුකිත් මෙනුල 20, ලකේෂ් මින්දුල 20 (යුකිත පද්මශාන්ත 18/5, ජනූ පුපුලවත්ත 6/3, ලිසර රුවන්පතිරණ 17/2)

රාජකීය විදුහල් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 262 (ඕවර 43.5) ජනූ පුපුලවත්ත 46, අභිරූ වික්‍රමසේකර 74, යුකිත පද්මශාන්ත 45, ලිසර රුවන්පතිරණ 40 (යසිත් රන්දිඳු 64/2, සානුක දම්යුරු 50/4)

ඇඹිලිපිටිය ජනාධිපති විදුහල් දෙවැනි ඉනිම කඩුලු 4කට ලකුණු 98 (ඕවර 28) රුකිත් මෙනුල 23, රුසිඳු රුවනෙක 44 (දක්ෂින් පෙ‍රේරා 21/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT