Wednesday, April 23, 2025
Home » ප්‍රවීණ රග්බි විනිසුරු රන්කොත්ගේ දිවියෙන් සමුගනී

ප්‍රවීණ රග්බි විනිසුරු රන්කොත්ගේ දිවියෙන් සමුගනී

by sachintha
February 12, 2025 1:47 am 0 comment

ප්‍රවීණ රග්බි පාපන්දු පුහුණුකරුවෙකු සහ විනිසුරුවරයකු වූ අරුණ ක්‍රිෂාන්ත රන්කොත්ගේ මහතා පෙරේදා (10) අභාවප්‍රාප්ත විය.

මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහලේ ආදි සිසුවකු වන රන්කොත්ගේ මහතා විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරමින් රග්බි පාපන්දු ක්‍රීඩාවට පිවිසියේය. පසුව ඔහු මහනුවර තරුණ සහ මහනුවර ක්‍රීඩා සමාජය සමඟ එක්විය.

පාසල් කිහිපයක රග්බි පාපන්දු පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කළ ඒ මහතා වසර 1996දී තරග විනිසුරුවරයකු ලෙස රග්බි පිටියට පිවිසියේය.

පාසල්, අන්තර් සමාජ හා ජත්‍යන්තර තරග රැසක් විනිශ්චය කර තිබෙන ඒ මහතා ශ්‍රී ලංකා රග්බි විනිසුරු සංගමයේ උප සභාපති ලෙස අවස්ථා කිහිපයකදී සේවය කර තිබේ.

රග්බි තරග තීරකවරයකු ලෙස ද ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය. මිය යන විට 52 හැවිරිදි වියේ පසුවූ ඒ මහතාගේ දේහය මහනුවර, මාපනාවතුර පාරේ පිහිටි නි‌ෙවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු අද (12) පස්වරු 4.30ට මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT