Home » කෝටි හතරක වාලම්පුරි හතරක් සමඟ සැකකරුවෝ 3ක් දැලේ

කෝටි හතරක වාලම්පුරි හතරක් සමඟ සැකකරුවෝ 3ක් දැලේ

by sachintha
February 12, 2025 1:25 am 0 comment

නිලාවේලි ප්‍රදේශයේදී පෙරේදා (10) සිදු කළ වැටලීමකින් රුපියල් කෝටි 4.5ක මුදලකට විකිණීමට සූදානම් කර තිබූ වාලම්පුරි 4ක් සහ සැකකරුවෝ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන්ගේ මඟපෙන්වීම යටතේ සහකාර අධ්‍යක්ෂ අනුරාධපුර හා ත්‍රිකුණාමලේ උපදෙස් පරිදි වනජීවී අඩවි ආරක්ෂක තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් හොරොව්පොතාන ජාතික උද්‍යානයේ නිලධාරින් හා කුච්චවේලි අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් එක්ව මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා ත්‍රිකුණාමලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමූහ

ප්‍රියාන් මලින්ද

ත්‍රිකුණාමලය විශේෂ

ඒ.ටී.එම්. ගුණානන්ද

රොටවැව සමූහ – අබ්දුල් සලාම්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT