කතරගම නව නගරයේ පිහිටි නාවික හමුදා නිවාඩු නිකේතනයේ මුළුතැන්ගෙය තුළදී ගෑස් ටැංකියක් පිපිරීමෙන් එහි නවාතැන් ගෙන සිටි නාවික හමුදාවේ සුළු සේවකයකු හා ඔහුගේ බිරිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කතරගම පොලීසිය පවසයි. තුවාලකරුවන් පළමුව කතරගම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලට යොමුකර ඇතැයි එම රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
කතරගම පොලිස් වසමේ නාවික හමුදා නිවාඩු නිකේතනයේ නවාතැන් ගෙන සිටි මෙම පිරිස ඊයේ (11) පෙරවරු 9.00ට පමණ ආහාර පිසීමට යෑමේදී ගෑස් ටැංකිය පුපුරා ගොස් තිබේ. ගෑස් කාන්දු වීමක් හේතුවෙන් ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර, පුපුරා යෑම හේතුවෙන් නිවාඩු නිකේතනයේ දේපොළවලට ද හානි සිදුවී තිබිණි.
මෙම සිදුවීමෙන් පිලිස්සීම් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ බණ්ඩාරනායක මාවත, කැකණදුර, මාතර පදිංචි 32 හැවිරිදි පී.ජී. හර්ෂණී නුවන්ති, 36 හැවිරිදි චමත් පල්ලියගුරු යන අඹුසැමි යුවළකි.
කතරගම සමූහ – කේ.ඩී. දේවප්‍රිය
තංගල්ල සමූහ – පද්මසිරි ගාර්දියවසම්