Home » ලක්ෂ 50ක කේරළ ගංජා පාසලක් ළඟ නිවෙසක

ලක්ෂ 50ක කේරළ ගංජා පාසලක් ළඟ නිවෙසක

by sachintha
February 12, 2025 1:23 am 0 comment

ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා ඇඳ යට රහසිගතව සඟවා තැබූ සැකකරුවෙකු කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරුදු පොලිස් වසමට අයත් ජනප්‍රිය පාසලක් අසල නිවෙසක් කල්මුණේ විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත පෙරේදා (10) සෝදිසි කරනු ලැබීය.

මෙම සෝදිසියේදී නි‍ෙවසේ ඇඳ යට සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 18යි, ග්‍රෑම් 169ක් සොයාගෙන ඇත. සැකකාර 33 හැවිරිදි නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා සයින්දමරුදු පොලිස් ස්ථානයට භාර දී තිබේ. විශේෂ කාර්ය බළකායේ නිලධාරින් මෙම මෙහෙයුම ක්‍රියාත්මත කර තිබේ.

දිගාමඬුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT