Home » හොරෙන් උස්සා ලඳු කැලෑවක වළ දමා තිබූ යතුරුපැදියක් සොයා ගනී

හොරෙන් උස්සා ලඳු කැලෑවක වළ දමා තිබූ යතුරුපැදියක් සොයා ගනී

by sachintha
February 12, 2025 1:15 am 0 comment

සොරකම් කර මාසයකට ආසන්න කාලයක් කුඹුරුපිටිය ප්‍රදේශයේ ලඳු කැලෑවක වළක දමා සඟවා තිබූ කාන්තා යතුරුපැදියක් පෙරේදා (10) පස්වරුවේ සොයා ගැනීමට හැකි වූ බව කුච්චවේලි පොලිසිය කියයි. වළ දමා තිබූ මෙම යතුරුපැදිය වැහි කබායකින් වසා දමා තිබියදී, ලද තොරතුරක් අනුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායමක් විසින් මෙසේ සොයාගනු ලැබීය. මෙම යතුරුපැදිය ඉකුත් ජනවාරි මස 15 වැනිදා සොරකම් කරගෙන ගිය බවට පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇති අතර අදාළ යතුරුපැදිය කිසියම් අපරාධයකට භාවිත කළේදැයි විමර්ශනයක් සිදුකර, අනතුරුව අධිකරණය හරහා අයිතිකරුට භාරදීමට නියමිතය.

ත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටී.එම්. ගුණානන්ද අමරජීව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT