Home » දකුණු සුඩාන සාම සාධක රාජකාරියේ සිටි යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට

දකුණු සුඩාන සාම සාධක රාජකාරියේ සිටි යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට

by chanaka
February 12, 2025 3:04 pm 0 comment

දකුණු සුඩානයේ බෝර් හි පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරීන්හි නිරතව සිටි එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ (UNMISS) 10 වන කණ්ඩායමට අයත් යුද්ධ හමුදා සමජිකයින් 64 දෙනෙකු අතුරින් නිලධාරීන් 09 දෙනෙකු සහ සෙසු නිලයන් 42 කින් සමන්විත කණ්ඩායමක් ඔවුන්ගේ වසරක මෙහෙයුම සාර්ථකව නිම කිරීමෙන් පසු ඊයේ(11) ශ්‍රී ලංකාවට පැමිණියහ.

තවත් නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසු නිලයන් 05 දෙනෙකු දකුණු සුඩානයේ රැඳී සිටින අතර ඔවුන් නුදුරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඊයේ රාත්‍රී 11.10 ට පමණ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වීමෙන් පසු දහවන බලඇණියේ භට පිරිස් පිලිගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර ආර්ඩබ්ලිව්පී යූඑස්පී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සී.ඩී වික්‍රමනායක ඩබ්ලිව්වී ආර්එස්පි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

සාම සාධක රාජකාරි සිදුකල 10 වන යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම, ඔවුන්ගේ වසරක සේවා කාලය තුල රෝහලේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා කැපවූ අතර රෝගීන්ගේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමුකරමින් සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය පිලිබද එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා වටිනා දායකත්වයක් ලබා දුන්හ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT