Home » ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයෙන් ඔරිගමි වැඩමුළුවක්

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයෙන් ඔරිගමි වැඩමුළුවක්

by chanaka
February 12, 2025 12:39 pm 0 comment

ශ්‍රී ලාංකිකයන් අතර සාම්ප්‍රදායික ජපන් කඩදාසි නැමීමේ කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ ඔරිගමි වැඩමුළුවක්, පෙබරවාරි 07 වැනිදා එම කාර්යාලයේදී පවත්වනු ලැබීය.

ජපන් ඔරිගමි කලාකරුවෙකු වන හිගෂි කත්සුකවා මහතා විසින් මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන උපදේශණ සහාය ලබාදෙන ලදී.

මෙම වැඩමුළුවට Origami Folders Association of Sri Lanka (OFASL) හි නිර්මාතෘ සහ සභාපති රීසා දිල්ෂාර්ඩ් කරීම් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් හට සංකීර්ණ ඔරිගමි ශිල්පීය ක්‍රම ඉගෙන ගැනීමට සහ මෙම සාම්ප්‍රදායික ජපන් කලා ආකෘතියේ සුන්දරත්වය ගවේෂණය කිරීමට අවස්ථාව ලැබුණි.

මෙම මුලපිරීම ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේ තවත් පියවරක් වන අතර, ඔරිගමි කලාව පිළිබඳව රට තුළ ඇති උනන්දුව ප්‍රවර්ධනය කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT