Wednesday, April 23, 2025
Home » වටවල ෆයිනස් වන රක්ෂිතයේ ගින්නක්

වටවල ෆයිනස් වන රක්ෂිතයේ ගින්නක්

by sachintha
February 12, 2025 1:45 am 0 comment

වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක් පෙරේදා (10) රාත්‍රියේ හටගත් ගින්නකින් හානිවී තිබේ.

ගින්න පැතිරීම වැළැක්වීමට තම කාර්යාලයේ නිලධාරින් දැඩි උත්සහයක් ගත් බව හැටන් වන සංරක්ෂණ කාර්යාලයේ වන අඩවි ආරක්ෂක නිලධාරි වී.ජී. රුක්ෂාන් මහතා පැවසිය.

වටවල දුම්රිය ස්ථානය සහ මවුන්ට්ජින් වතුයායට පිවිසෙන මාර්ගයට යාබදව පිහිටි මෙම රක්ෂිතයේ හැටන්ඔය ආසන්නයෙන් පෙරේදා (10) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති බව ද එම නිලධාරියා කීය.

පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතයේ කඳු මුදුණ දක්වා පැතිර ගොස් ඇති බවත්, ගින්නෙන් අක්කර 10ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බවත් එම නිලධාරියා පැවසීය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ඇතැම් පිරිසක් රක්ෂිතවලට ගිනි තැබිම් කරන බවත්, එවැනි පුද්ගලයන් පිළිබඳව තොරතුරු වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ තම කාර්යාලය දැනුම්වත් කිරිමට පියවර ගන්නා ලෙසත් හැටන් වන අඩවි නිලධාරිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 

නෝර්වුඩ් සමූහ – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT