Home » සුරාබදු කොමසාරිස් සුරංගනී ගුණතිලක ධුරයේ වැඩ භාරගනී

සුරාබදු කොමසාරිස් සුරංගනී ගුණතිලක ධුරයේ වැඩ භාරගනී

by sachintha
February 12, 2025 2:01 am 0 comment

සුරංගනී ගුණතිලක මහත්මිය සුරාබදු කොමසාරිස් (පාලන) ලෙස ඊයේ (11) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගත්තාය. රාජ්‍ය සේවයේ පුරා වසර තිහකට ආසන්න කාලයක් සේවය කළ සුරංගනී ගුණතිලක මහත්මිය තනතුරු රැසක් දැරූ තැනැත්තියෙකි. පරිපාලන සේවයේ පුරා වසර 19ක සේවා කාලයක් සපුරා ඇති ඇය කුරුණෑගල සහකාර දිස්ත්‍රික් ලේකම්, කටාන සහකාර ප්‍රාදේශීය ලේකම්, ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි සහකාර කොමසාරිස්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් ධුරයේ ද රාජකාරි ඉටු කළාය. ගම්පහ ප්‍රාදේශීය ලේකම් ධුරය හෙබවූ ඇය ඊයේ (11) සුරාබදු කොමසාරිස් පාලන හැටියට සිය ධුරයේ වැඩ භාර ගත්තාය.

නිමල් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT