Wednesday, April 23, 2025
Home » ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ලෙබනන් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ලෙබනන් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි

by sachintha
February 12, 2025 2:26 am 0 comment

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කපිල සුසන්ත ජයවීර මහතා ලෙබනනයේ නව ජනාධිපති ජෙනරාල් ජෝසෙප් අවුන් මහතා වෙත සිය අක්ත පත්‍රය ප්‍රදානය කිරීම ලෙබනනයේ බීරුට්හී ජනාධිපති මන්දිරයේදී පසුගියදා සිදු කරන ලදි.

වසර තුනකට පමණ පසුව ලෙබනනය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මකවීම සහ ඊට සමගාමීව නව ජනාධිපතිවරයකු පත්වීම යන කාරණාවලින් අනතුරුව මේ අක්ත පත්‍ර ප්‍රදානය කිරීම විශේෂත්වයකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබ පැතුම් ලෙබනනයේ ශ්‍රී ලංකාවේ තානාපති කපිල ජයවීර මහතා ලෙබනනයේ නව ජනාධිපති ජෙනරාල් ජෝසෙප් අවුන් මහතා වෙත මෙහිදී පිරිනමන ලදි.

ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර වසර ගණනාවක් පුරා පවතින දැඩි මිත්‍රත්වය ඉදිරියට තවත් ශක්තිමත්ව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ද, ලෙබනන් ජනාධිපතිවරයා සහ ලෙබනන් ශ්‍රී ලංකා තානාපතිවරයා අතර පැවති හමුවේදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සහ ලෙබනනයේ ජාතික ධජ ඔසවමින් දෙරටේම ජාතික ගීත වාදනය කරමින් මහත් අභිමානවත් ලෙස මේ අක්ත පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්විණි.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් සනත් බාලසූරිය, තෙවැනි ලේකම් ප්‍රියංකා දිසානායක මහත්ම මහත්මීන් ඇතුළු ලෙබනනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු මේ අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT