පාලි ව්‍යාකරණ ඇතුළත් ‘නාමමාලා’ ග්‍රන්ථයේ පිටපතක් සියම් මහා නිකායේ මල්වතු මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වෙත පිළිගන්වා තිබේ. රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිපාණන් විසින් සම්පාදනය කරන ලද විවේචනාත්මක පාලි ව්‍යාකරණ ග්‍රන්ථය වන ‘නාමමාලා’ කෘතිය මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් වෙත පිළිගැන්වීම පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ සහ ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් සිදු කරන ලදි.
අනුනායක ආචාර්ය, නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි සහ ආනමඩුවේ ධම්මදස්සී හිමිවරු වෙත ද මෙහි පිටපත් පිරිනැමූහ.
නාමමාලා කෘතිය 1870දී පළමුවරට මුද්‍රණය කර ඇති අතර, පාත්ෆයින්ඩර් පදනමේ නැවත මුද්‍රණයක් වශයෙන් පළ කිරීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අනුග්‍රහය දැක්වීය. මෙහි පිටපත් සියලුම පිරිවෙන්වලට, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලට නොමිලේ පිරිනැමීමට නියමිතය.
මහින්ද අලුත්ගෙදර