Home » යාපනය හෝටලයකදී මන්ත්‍රී අර්චුනා ශිල්ප දක්වලා

යාපනය හෝටලයකදී මන්ත්‍රී අර්චුනා ශිල්ප දක්වලා

by chanaka
February 12, 2025 12:12 pm 0 comment

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බවයි.

ඊයේ (11) යාපනය ප්‍රදේශයේ හෝටලයක දී මෙම පහරදීම සිදුව ඇතැයි පොලීසිය සදහන් කරයි.

කෙසේවෙතත් පොලීසිය සඳහන් කළේ, මේවන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT