Home » ගජනැග්ගම විදුහලට උදව් කරන්න

ගජනැග්ගම විදුහලට උදව් කරන්න

by sachintha
February 12, 2025 1:40 am 0 comment

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගජනැග්ගම මහා විද්‍යාලය කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන පාසලකි. කීර්තිමත් ජනතා නායකයකු වූ යූ.බී. වන්නිනායක මහතා සහ ප්‍රසිද්ධ සාහිත්‍යකරුවකු වන විමලරත්න කුමාරගමයන්ගේ මැදිහත්වීම තුළින් මෙම පාසල ආරම්භ කිරීමට සිදු කළ මෙහෙවර අපමණය. මෙම පාසල ආරම්භ කරනු ලැබුවේ 1959 වර්ෂයේ ජනවාරි මස දෙවැනිදාය.

වර්තමානයේ මෙම විදුහලේ සිසු සිසුවියන් හයසියයක පමණ පිරිසක් අධ්‍යාපනය ලබන අතර විදුහල්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ආර්.අයි.බී. උපුල් ජයසේන මහතාය.

වර්තමානයේදී තිබෙන සීමිත සම්පත් මඟින් වුවද මෙම පාසල විශාල කාර්යයන් ප්‍රමාණයක් ඉටු කරනු ලබයි. මෙම සීමිත සම්පත් සහිත වාතාවරණය තුළ පවා පාසල ලබා ගත් ජයග්‍රහණ විශාලය. ජාතික මට්ටමේ තරගවලින් මෙන්ම සෞන්දර්ය, ක්‍රීඩා ඇතුළු තරගවලින් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගෙන තිබේ.

“මදර් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය වෙනුවෙන් ජනාධිපති සම්මාන ද මෙම විදුහල අත්පත් කරගෙන තිබේ.

කුරුණෑගල – අනුරාධපුර මාර්ගයේ ඇල්ල මාර්ගයේ ඇති මෙම පාසලට යම් යම් අඩුපාඩු ප්‍රමාණයක් ද තිබේ.

පාසල් තූර්යවාදක කණ්ඩායම සඳහා විශේෂ ඇඳුමක් නොමැතිවීම, පාසල ඉදිරිපිට පුවරුව ජරාවාසව පැවතීම, පන්ති කාමර සඳහා ඇමතුම් පද්ධතියක් නොමැතිවීම, රථ ගාලක් මවුපිය විවේකාගාරයක් නොමැති වීම ද පාසලේ අඩුපාඩු අතර වෙයි. උත්සාහයෙන් ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් මෙම අවස්ථා ලබාදීම සඳහා බලධාරීන්ගේ ඇස් යොමු විය යුතුය යන්න අපගේ හැඟීමයි.

විදුහලේ දියුණුව වෙනුවෙන් මවුපිය එකමුතුව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT