Monday, April 21, 2025
Home » පුරාණ බිම් තුළ සැඟව ඇති භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති

පුරාණ බිම් තුළ සැඟව ඇති භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති

by chanaka
February 12, 2025 3:26 pm 0 comment

මහනුවර කන්දෙන් පහළ ප්‍රදේශය වන මහියංගනය, දඹාන පදියතලාව වැනි පුරාණ බිම් තුළ සැඟවී ඇති භූ තාක්ෂණික විප්ලවයන් විශාල වශයෙන් ලොව කතා බහට ලක්වෙන අතර එහි සුරක්ෂිතතාව වගකීම රජයක් ලෙස නොපැකිලව භාරගන්නා බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අවධාරණය කරයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ලෝක මිහිකත් දින සමුළුවට ඊයේ(11) එක් වෙමිනි.

මහියංගණය දඹාන ප්‍රදේශයේ දී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්විණි.

මෙම සමුළුව Planet Protector සංවිධානයේ අනුග්‍රහයෙන් සහ මූලිකත්වයෙන් පැවැත්වුණි.

මෙම අවස්ථාව සඳහා තිත්තගල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේ, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්, මහාචාර්ය සරත් කොටගම, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, මහාචාර්ය පොල් නැල්සන්, ආචාර්ය අමිත් පුස්වැල්ල ඇතුළු දෙස් විදෙස් ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.

මිහිකත සමුළුව පැවැත්වීමේ මූලික අරමුණ බවට පත්වූයේ විශේෂයෙන් ලංකාවේ භූමියේ වැදගත්කම හඳුනාගනිමින් එම භූමිය සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා මංපෙත් විවර කර ගැනීමය. ලංකාවේ භුමිය වැදගත්කම ප්‍රාග් ඓතිහාසික යුගයන් දක්වා දිවෙන අතර දේශගුණික කලාපවල පවතින වටිනාකම් සහ භුමියට හිමි වර්ෂාපතනයේ ස්වභාවය මඟින් ලංකාවේ භූ පද්ධතියට ලොව පිළිගත් විශේෂත්වයක් දරයි. එබැවින් විවිධ වූ පාංශු සම්පත් සහ ඛනිජ සම්පත් ප්‍රමාණයක් මෙන් ම විවිධ වූ භු තල හා හැඩතල මේ රට තුළ විශේෂයෙන් හඳුනා ගත හැකිය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT