Home » උතුරු පළාත් වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය

උතුරු පළාත් වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය

by chanaka
February 12, 2025 1:09 pm 0 comment

උතුරු පළාතේ වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය සිය සහය ලබාදීමට එකඟත්වය පලකර තිබේ.

ඊයේ (11) දිනයේදී ජපන් තානාපති ගරු අකිඔ ඉසොමතා මහතා සිය පළමු උතුරු පළාත් සංචාරයේදී මානුෂීය සංවර්ධන සංවිධානය [Humanitarian Development Organization (HDO)] සහ නෆීල්ඩ් බිහිරි සහ අන්ධ පාසල් යන රාජ්‍ය නොවන සංවිධාන දෙකක් සමඟ " බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන (GGP)" වැඩසටහන යටතේ ආධාර ප්‍රදාන ගිවිසුම් දෙකක් අත්සන් කළේය.

ගිවිසුම් සඳහා අත්සන් තැබීම උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන් මහතා ඉදිරියේ යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු විය.

උතුරු පළාතේ වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘති සඳහා ජපන් රජය ඩොලර් 173,659 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 50) වෙන් කර ඇත.

විශේෂයෙන්ම අවදානම් අවම කිරීම ප්‍රවර්ධනය කිරීමේදී, ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල සංවර්ධනයට සහායවීම ශ්‍රී ලංකාවට ලබාදෙන ජපානයේ නිල සංවර්ධන ආධාරවල ප්‍රමුඛතාවයක් ලෙස පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT