Home » හෙට දිනයේ විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

හෙට දිනයේ විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

by chanaka
February 12, 2025 12:50 pm 0 comment

විදුලි කප්පාදුව හෙට (13) දිනයේ සිදුකරනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට දින උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය අක්‍රීය වු අතර මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක පමණ ප්‍රමාණයක් අහිමි විය.

කෙසේ වෙතත් මේ වනවිට නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරතන මහතා සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT