Wednesday, April 23, 2025
Home » ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි

ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි

by sachintha
February 12, 2025 2:28 am 0 comment

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතය.

”අනාගත ආණ්ඩු හැඩ ගැස්වීම” යන තේමාව යටතේ ඩුබායිහිදී ඊයේ (11) ලෝක රාජ්‍ය සමුළුව ආරම්භ විය.

මෙම සමුළුව අතරතුර, උපාය මාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ විය.

කොළොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මහතා සමඟ ද කුවේට් අගමැති එච්.එච්. ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා සමඟ ද ඊයේ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතව තිබිණි. ඊයේ රාත්‍රියේ පුල්මන් නගර මධ්‍යස්ථානයේ පැවැත්වෙන ප්‍රජා වැඩසටහනකට ද ජනපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වීමට නියමිතව තිබිණි. ඔරකල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සමඟ ද සාකච්ඡා කිරීමට අපේෂිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

උපාලි කරුණාරත්න‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT