Home » ආසියානු කනිෂ්ඨ ස්කොෂ් තරගාවලියට ශ්‍රී ලංකා යොවුන් පිල හොංකොං යයි

ආසියානු කනිෂ්ඨ ස්කොෂ් තරගාවලියට ශ්‍රී ලංකා යොවුන් පිල හොංකොං යයි

by sachintha
February 11, 2025 1:38 am 0 comment

ආසියානු කනිෂ්ඨ ස්කොෂ් කණ්ඩායම් ශූරතාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා යොවුන් ස්කොෂ් පිල අද (11) හොංකොං දේශය බලා පිටත්ව යයි.

22 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් කණ්ඩායම් ශූරතාවලිය චීන හොංකොං ස්කොෂ් සංගමයේ සංවිධායකත්වයෙන් හෙට (12) සිට ලබන 16 දක්වා හොංකොං ස්කොෂ් ක්‍රීඩා මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර, ඊට රටවල් 15ක කණ්ඩායම් එක්වී සිටී. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම කොළඹ රාජකීය විදුහලේ මතීෂ විජේසේකරගේ නායකත්වයෙන් තරගවදින අතර, කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස රන්ලිය වුඩ් කටයුතු කරයි.

රාජකීය විදුහලේ තරුල් පින්වත්ත, ගේට්වේ ජාත්‍යන්තර විදුහලේ විෂාන් රත්නායක, සාන්ත ජෝසප් විදුහලේ මොහොමඩ් රිල්වාන් පිරිමි කණ්ඩායමේ ඇතුළත් වන අතර, කාන්තා විදුහලේ ආදිති ගුණසේකර සහ නෙත්මි වික්‍රමසිංහ සමඟ මිලාගිරිය සාන්ත පාවුලු විදුහලේ ඉෆ්රා බූසෝ කාන්තා පිලට එක්ව සිටිති. කණ්ඩායමේ පුහුණුකරු ලෙස සත්තාර් ඩීන් මහතා කටයුතු කරන අතර, කණ්ඩායම් කළමනාකරු ලෙස එරංග අල්විස් මහතා කටයුතු කරයි. ශ්‍රී ලංකා පාසල් ස්කොෂ් සංගමයේ සභාපතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකාවේ විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර මහත්මිය ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස සංචාරයට එක්වී සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT