Home » යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ගුටි ඇනගෙන දෙදෙනෙක් රෝහලේ

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ගුටි ඇනගෙන දෙදෙනෙක් රෝහලේ

by sachintha
February 11, 2025 1:59 am 0 comment

 

යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු පෙරේදා (09)දා රාත්‍රී යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම ගැටුමෙන් සිසුන් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් රෝහල් ගත වී ඇත්තේ සිසුන් දෙදෙනෙකු පමණි.

තුවාල ලැබූ සිසුන් දෙදෙනාගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති මහතා ප්‍රකාශ කළේය.

යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුන් පිළිගැනීම සඳහා සංවිධානය කළ උත්සවයකදී එම පීඨයේ 3 වන හා 4 වන වසරවල සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් දුර දිග යෑමෙන් පසුව එය ගැටුමක් බවට පත්ව තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ප්‍රධානියා මීට සති දෙකකට පමණ ඉහතදී සිය සේවා ධුරයෙන් ඉල්ල අස්වූයේද එම පීඨයේ සිසුන් අතර පවතින ගැටුම් මත්ද්‍රව්‍ය භාවිතය හා නොහොබිනා ලිංගික ක්‍රියාවලට විරෝධය පළ කිරීම නිසා ඔහුට විශ්වවිද්‍යාල තුළ සිටිය නොහැකි අන්දමේ පරිසරයක් ගොඩනැගීම හේතුවෙනි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT