හෝමාගම, පල්ලිය පාර ප්‍රදේශයේ නිවෙසක තිබූ රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමින් යුත් යතුරුපැදි දෙකක් සොරාගත් ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය.
ඒ අනුව, හෝමාගම, පල්ලිය පාර ප්‍රදේශයේ නිවෙසක නවතා තිබූ මෙම යතුරුපැදි දෙක 2024.10.16දා සොරාගෙන තිබූ අතර, මේ සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය පරීක්ෂණයක් පවත්වන අතරතුරදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් තවත් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. පො.කො (76495) ක්‍රිෂාන්ත නිලධාරියාට ලද තොරතුරකට අනුව සොරා ගත් එක් යතුරුපැදියක් හෝමාගම, දොළහේන ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී පොලිස් භාරයට ගත් අතර, අනෙක් යතුරුපැදිය හංවැල්ල ප්‍රදේශයේ අත්හැර දමා තිබියදී භාරයට ගෙන හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
කොට්ටාව – ප්‍රදීප් කුමාර