Tuesday, April 8, 2025
Home » කරාපිටිය රෝහලේ පිළිකා රෝගීන් වෙනුවෙන් භික්ෂූහු පනස්නමක් පිඬුසිඟා වඩිති

කරාපිටිය රෝහලේ පිළිකා රෝගීන් වෙනුවෙන් භික්ෂූහු පනස්නමක් පිඬුසිඟා වඩිති

by sachintha
February 11, 2025 1:38 am 0 comment

ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට ආධාර පිණිස පසුගියදා (8) මහා සංඝරත්නය වැලිගම නගරයේ පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ. නේවාසිකව ප්‍රතිකාර ලබන සියලු පිළිකා රෝගීන්ට පිණ්ඩපාත චාරිකාවේදී ලැබෙන සියලු පරිත්‍යාගයන් පිරිනැමීමට නියමිතය.

මෙම පිණ්ඩපාත චාරිකාව වැලිගම ධර්ම විජයාරාම විහාරස්ථානය අසලින් ආරම්භ කර, පරණ ගාලු පාර ඔස්සේ ගමන් කර කුඹල්ගම ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානය දක්වා ගමන් කළේය. මේ සඳහා ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ පනස්නමකට වැඩි පිරිසක් වැඩම කළ අතර, එහිදී වැලිගම සුව සහනයේ සමිඳුන්ගේ දේවස්ථානයේ පාලක චාල්ස් හේවාවසම් පියතුමන් ද එම ස්වාමීන් වහන්සේ වෙත පිරිකර පූජා කිරීමට එක්ව සිටියේය.

මාර්ගය දෙපස රැඳී සිටි අතිවිශාල පිරිසක් මහා සංඝරත්නය උදෙසා විවිධ භාණ්ඩ සහ ද්‍රව්‍ය පූජා කරමින් පිංකම සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූහ.

වැලිගම – අබේවික්‍රම ගුණරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT