Home » ජනතාවගේ දුක අහන්න සජිත් සූදානම් වෙයි

ජනතාවගේ දුක අහන්න සජිත් සූදානම් වෙයි

by sachintha
February 11, 2025 2:09 am 0 comment

ජනතාවගේ දුක අසන්නට ආණ්ඩුවට වේලාවක් නැති වුණත් විපක්ෂ නායක කාර්යාලය ජනතාවට විවෘත යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව පැවසුවේ අවිස්සාවේල්ලේ පැවති ජනහමුවක් පෙරේදා (09) අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

මෙරට ජනතාව අනාථ කරන රාජ්‍ය ප්‍රතිපත්තිවලට විරුද්ධව නැඟී සිටිමින් අගතියට, අසහනයට හා දේශපාලන පළිගැනීම්වලට ලක්වන අයගේ දුකට පිහිටුවන වැඩසටහනක් සමගි ජන බලවේගය යටතේ ක්‍රියාත්මක කරනවා.

අද රටේ ඇත්තේ ජනතා ජීවත් කරන්න බැරි යුගයක්. ගොවියාට වී විකුණ ගන්න බැහැ. ඒ වගේම ජනතාවට දරා ගත හැකි මිලකට පොල්, සහල්, ලුණු ගන්න බැරිවෙලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ගන්න බැරි ආණ්ඩුවක් ජනතාව ජීවත් කරවන්නේ කෙසේද කියා ගැටලුවක් තිබෙනවා. ආණ්ඩුවේ ඉන්න අය එදා විපක්ෂයේ සිටින විට වීවලට 150ක සහතික මිලක් දෙනවා කිවුවත් ඒ අයම කුඹුරට ගොස් ගොවියා හමුවන්න බය වෙලා.

රජයට ජනතාවගේ දුක අහන්න වෙලාවක් නැති වුණාට ජනතා ගැටලු වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලය විවෘත යැයිද හෙතෙම කීවේය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT