මෙරට බැංකු සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට සේවා සපයන ආයතන අතර තම සංගමය ද ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන බව සමස්ත ලංකා දේපොළ අත්පත්කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ කෙළඹ 08, බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“අප සංගමය නීත්‍යනූකූල එකක් නොවන බවට ඇතැමකු චෝදනා නඟනවා. අප එය මුළුමනින්ම බැහැර කරනවා. අප සමාගම් නීතිය අනුව ප්‍රතිපාදන සපුරාලමින් ලියාපදිංචි වූ සංවිධානයක්.
සමස්ත ලංකා ලීසිං නොගෙවන්නන්ගේ සංගමය ලෙස මුලින් ආරම්භ කර මේ වන විට සමස්ත ලංකා ලීසිං ගෙවන්නන්ගේ සංගමය ලෙස වෙනස් වී ඇති සංගමයක අසංක රුවන් පොතුපිටිය මහතා මෙවැනි චෝදනා අපට එල්ල කරනවා.
බැංකු සහ ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකිව පීඩාවට පත්වී සිටින ජනතාවට පීඩාකාරී ලෙස අපි කටයුතු කරන බවටත් එම සංගමය චෝදනා කරනවා. ඒවා සියල්ල අප බැහැර කරනවා. අප කටයුතු කරන්නේ මෙරට මූල්‍ය සහ බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමට සේවා සපයන පිරිසක් ලෙසයි.
රට පුරා 2000කට අධික පිරිසක් අප සංගමයේ සාමාජිකයන් වී සිටිනවා. අප කටයුතු කරන්නේ විනයානුකූලව. හිතුමතේට කටයුතු කරන්නේ නෑ. අපි 2024දී රථ වාහන 1500ක් 2000ක් පවරා ගැනීමට කටයුතු කළා. ඉදිරියටත් අප සේවය දෙනවා.”
ජයසිරි මුණසිංහ