කෑගල්ල රාජකීය විද්‍යාලයේ 2025 වර්ෂය සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංජන පැලැඳවීම, කෑගල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ආර්. එම්. ආර්. සිරිවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකළ බව විදුහල්පතිනි එච්.කේ. ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය. මෙහිදී ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 15දෙනකුට හා ජ්‍යෙෂ්ඨ අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 47දෙනෙකුට නිල ලාංජන පැලැඳවීම සිදු විය. මෙහිදී නායකත්වය පිළිබඳ ආරාධිත දේශනය සිදු කරනු ලැබුවේ Òක්ලීන් පොලි පැකේජ් නිෂ්පාදන කළමනාකාර අධ්යක්ෂ ප්‍රධාන දේශක තුෂාර අත්තුඩාවේ මහතා විසිනි. කෑගල්ල රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 380ක් අධ්‍යාපන ලබන අතර ගුරු මහත්ම මහත්මීන් 45දෙනකු සේවය කරන බව ද විදුහල්පතිනිය කීවාය.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්