කෘෂිකර්ම නිලධාරීන් නිහඬයි
ගොවීන්ගෙන් මැසිවිලි
ඇළවේලි නඩත්තු නොකර කෘෂිකර්ම නිලධාරීන් නිහඬ වීම හේතුවෙන් අක්කර අසූවක් පමණ රත්තොට, නිකගොල්ල වෙල්යාය වසර ගණනාවක් තිස්සේ පුරන්ව ඇති බව ගොවීහු පවසති. මෙම කුඹුරු යාය යල – මහ දෙකන්නයම වගා කළ හැකිය. නමුත් ගාලේකොලුව කුරුවාව හරහා ජලය ගෙන යන ප්‍රධාන අමුණු ඇළ නඩත්තු නොකිරීමත්, වී වගා නොකර අතිරේක භෝග වගා කිරීමට අවස්ථාවක් උදා කරගනිමින් ගොවීන් පිරිසක් කෘෂිකර්ම නිලධාරීන්ද නිහඬ කරවමින් නිකවැල්ල වෙල් යායට ජලය සපයන ඇළ නඩත්තු නොකිරීමත් නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බව පාරම්පරිකව වී වගා කළ ගොවීන් පිරිසක් පැවසූහ.
මේ පිළිබඳව අදහස් දැක්වූ රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා මන්ත්‍රී අතුල වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ, කෘෂිකර්ම නිලධාරීන් මුනිවත රැකීමත්, මෙතරම් සහල් හිඟයක් පවතින අවස්ථාවේදීවත් නිකවැල්ල වෙල්යාය වගා කිරීමට ගොවියන්ට කිසිම උපකාරයක් නොකර අනවශ්‍ය ලෙස පාරවල් දෙපැත්තේ ගස් සිටුවීමට කටයුතු කිරීමත් කනගාටුවට කරුණක් බවයි.
ටියුඩර් ගුණසේකර මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය.
Òනිකවැල්ල වෙල්යාය යල – මහ දෙකන්නය වගා කරපු වෙල් යායක්. අද අතුරුභෝග වගා කරන තත්ත්වයට පත්වෙලා. මේවට කෘෂිකර්ම නිලධාරීන්, ගොවිජන සේවා නිලධාරීන් වගකිව යුතුයි. නිකවැල්ල වෙල්යාය ආරක්ෂා කරගන්න නම් කෘෂිකර්ම ඇමැති හෝ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මැදිහත්වෙලා කෘෂි ඇළ සකස් කර දෙන්න.
උකුවෙල සංචාරක ප්‍රියන්ත සුමනසේන