අසරණ දුවා දරුවන්ගේ නැණස පාදන්නට වෙහෙසෙන රාජාංගණය මහසෙන් විදුහලේ ජනක් ප්‍රසන්න මහතා, ජාතික ගුරු අධ්‍යාපනඥ සම්මාන උලෙළේ දී සම්මානයට පාත්‍ර විය. අකුරක් ලියන්නට නොහැකි රාජාංගණය යාය 18 ප්‍රදේශයේ අසරණ දුවා දරුවන්ගේ නැණස පාදන්නට කිසිදු මුදලක් අය නොකර තම කාලය, ශ්‍රමය හා ධනය කැප කරමින් කටයුතු කරන මෙම ගුරුවරයා ප්‍රදේශයේ නමක් දිනා සිටින අයෙකි. මොහු සිදු කරන සේවය නිසාම ‘අපේ කාලයේ දිසාපාමොක්’ යන විරුදාවලිය ද මොහුට හිමි වී තිබේ. මෙම ගුරුවරයා යාය 18, ශිල්ප තරණිය ශනිදා පාසලේ නිර්මාතෘ මෙන්ම මුල් ගුරුතුමා ද වේ. මෙම සම්මාන උත්සවය කොළඹ මොනාව් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.
රාජාංගණය සමූහ – නුවන් කුමාර