Wednesday, April 9, 2025
Home » නවතා තිබුණු ලොරියේ ගැටුණු ත්‍රිරෝද රියැදුරු මරුට

නවතා තිබුණු ලොරියේ ගැටුණු ත්‍රිරෝද රියැදුරු මරුට

by sachintha
February 10, 2025 1:03 am 0 comment

පොලොන්නරුව, දීපඋයන ආසන්නයේ ඊයේ (08) ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියැදුරු මියගොස්, එහි ගමන්ගත් තිදෙනකු බරපතළ තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලොන්නරුව පොලීසිය කියයි. මෙම අනතුරින් මියගොස් ඇත්තේ, ත්‍රිරෝද රථයේ රියැදුරු වන සෝමපුර, සිරිමංගලපුර පදිංචිව සිටි 70 හැවිරිදි එච්.එම්. කරුණාරත්න නමැති පුද්ගලයෙකි. අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද රෝහල් පොලීසියේ ප්‍රකාශකයකු පැවසීය.

සිරිපුර සමූහ – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT