පැවති ආණ්ඩුව වෙත ප්‍රබල මහජන විරෝධයක් මතුවිණි.
එම අරගලය වඩාත් ප්‍රබල වූයේ ගාලු මුවදොර භූමියේ අරගලකරුවන් කඳවුරු බැඳීමත් සමඟිනි. ඒ අනුව එක්රුස්වූ තරුණ තරුණියන් ඇතුළු පිරිස් පසුව ප්‍ර කෝපකාරීව හැසිරෙනු දක්නට ලැබිණි. අන්තිමේ දී දේශපාලනඥයන් රැසකගේ නිවාස, දේපළ, යානවාහන ආදියත් ගිනිබත් කරමින් ගෙනගිය ඒ ප්රචණ්ඩ තත්ත්වය තවම කාටත් අමතක නැත. මේ වනවිට ඒ මාතෘකාව නැවත කරළියට පැමිණ තිබේ.
ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය ක්‍රියාකාරීන්, පළාත් පාලන සහ පළාත් සභා හිටපු මන්ත්‍රීවරු පසුගිය ආණ්ඩු කාලයේදී වන්දි ලබා ගැනීමෙනි. එසේ වන්දි ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලැයිස්තුවක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති දොස්තර නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය.
එම ලැයිස්තුවට අනුව රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 900 ඉක්මවන වන්දි ලබා ගත් මන්ත්‍රීවරු ද වෙති. මේ ඒ පිළිබඳව එවකට ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් දැක් වූ අදහස්ය.
din-02-10-pg15-R1