Monday, April 21, 2025
Home » අපිට කරපුව අපි උන්ට කරද්දි සෑහෙන්න අවුල්

අපිට කරපුව අපි උන්ට කරද්දි සෑහෙන්න අවුල්

by sachintha
February 10, 2025 1:09 am 0 comment

“ඔයා ඔහොම කෙනෙක් කියලා මමනම් හිතුවෙ නෑ.”

මේක කියවන ඔයා, ඇත්තටම මේ ටික මෙහෙම අහගෙන නැත්නම්, මේ සමාජයේ මිනිස්සු කවුද කියන එක හරියටම නොදන්න මනුස්සයෙක් ඔයා.

ඔව්,ඇයි මම එහෙම කිව්වේ දන්නව ද?අපි ජීවත් වෙන්නෙ සමාජයක් ඇතුළෙ. පවුල තමයි අපේ කුඩාම ඒකකය. එතැනින් පස්සෙ අපි විවිධාකාරයෙන් විවිධ පුද්ගල කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙනවා. ඔවුන් එක්ක වැඩ කරනවා. සන්නිවේදනය කරනවා. මෙහෙම අපි පාසලක,රැකියා ස්ථානයක හෝ විශ්වවිද්‍යාලයක හෝ වෙනයම් තැනක විවිධ සමාජ මට්ටම්,පවුල් පසුබිම්,විවිධ මානසික මට්ටම් සහිත පුද්ගලයෝ එක්ක ගනුදෙනු කරනවා. අන්න ඒ අවස්ථාවල දී සාමාන්‍යයෙන් අපි එක්ක කතාබහ කරන ඕනෑම කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා ඕනෑම අයෙක් 100% ක් මෙයා පට්ට හොඳයි කියලා හිතන්න යන්න එපා. ඇත්තටම එපා.

ඇයි?

හේතුව තමයි,මිනිස්සු විවිධාකාරයි. මිනිස්සු කවුද කියලා අඳුරගන්න අපිට බෑ. මොකද මිනිස්සුන්ට දිගුකාලීනව ප්‍රතිරූප මවාපාන්න බැහැ. මොකද මිනිස්සු කොච්චර අමාරුවෙන්හරි තමන්ගෙ සැබෑ ප්‍රතිරූපය හංගලා සමාජෙට හොද මිනිහෙක් විදියට ඉන්න ගියත් එහෙම කරන්න බැහැ. මොනයම් හෝ අවස්ථාවකදී අර සෝබනේට මවාගත්ත ප්‍රතිරූපය නඩත්තු කරන්න බැරිවෙලා ඒ මනුස්සයාගේ සැබෑ තත්ත්වය එළියට එනවා. අන්න එතකොට පුළුවන් අපිට අපි ආශ්‍රය කරපු අයගේ අපි හොදයි කියලා හිතන් හිටපු අයගේ ඇත්ත තත්ත්වේ දැනගන්න. මෙහෙම යි ඉතින් හැම මනුස්සයාම ඔය කියන විදියට බොරු ප්‍රතිරූප මවාපාන්නෙ නෑ. එහෙම අයට මිනිස්සු කැමැති නෑ. මොකද ඒ අය ඉන්නෙ යථාර්ථය එක්ක. එයාලා කාටවත් යටත් වෙන් නෑ. එයාල හැම දෙයක්ම කෙළින් කතා කරනවා. කොන්ද කෙළින් තියාගෙන තීරණ ගන්න පුළුවන්. එහෙම අයට අර මුලින් කියපු වගේ මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දි එයාලගෙ විදිය ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා එයාලට ඒක දැනෙන්න දෙන්නෙවත් එයාලා එක්ක ප්‍රශ්න දාගන්නවත් යන්නෙ නෑ. මොකද එයාලා වැඩ කරන්නෙ මොළෙන්. අන්න එහෙම මිනිස්සු වේලාව ආවම තමන්ට සලකපු විදියටම අර මිනිස්සුන්ව පළිගැනීමකින් තොරව නොසලකා හරිනවා. ඒ වගේ අවස්ථාවල දී ඔන්න පුළුවන් අහගන්න අපිට “ඔයා ඔහොම කෙනෙක් කියලා මම නම් හිතුවේ නෑ” වගේ දේවල්.

මෙතැනදී මොකද දන්නවද වෙලා තියෙන්නෙ, බොරු ප්‍රතිරූප හදන් හිටිය මිනිස්සු ඔවුන් අතර හිටිය අර සැබෑම ප්‍රතිරූපයෙන් ජීවත් වුණු අය එක්ක ගනුදෙනු කරද්දි කරපු බොරු,චාටු කතා,රැවටීම් ඔක්කොම එළිපිට අහුවෙලා. අන්න එතකොට සැබෑම ප්‍රතිරූප තියෙන මිනිස්සු ක්‍රියාත්මක වෙනවා. තමන්ට බොරු කරපු,තමන් පහත් කරපු, නොසලකා හැරපු අයට, තමන්ට නරක විදියට කතා කරපු අයට ඒ විදියටම සලකන්න. එතැනදී ඉතින් බොහොම අමාරුවෙන් චරිත නඩත්තු කරන්ගිය අයට සොරි ඩොට් කොම් තමයි. එයාලට ඔන්න එතකොට ගොඩාක් රිදෙනවා. ඒකට එයාලා කරන්නෙ මොකක්ද දන්නව ද?

එතකොට ඔන්න එයාලගෙ පවුල් පසුබිම්වලින්,ජානවලින් එන ගතිපැවතුම් ඔක්කොම මිශ්‍ර වෙලා අර හොඳ මනුස්සයට තැන් තැන්වල බණින්න,එයා ගැන වැරදි පතුරන්න පටන් ගන්නවා. එතැනදි ඒ අය හදන්නෙ තමන් හෙනම හොඳ කෙනා වෙන්න සහ අනිත් පුද්ගලයා නරකම කෙනා, ආශ්‍රය කරන්න හොඳ නැතිම කෙනා කියලා සමාජය ඉදිරියේ හංවඩු ගහන්න.

ඉතින් ඒක කරන්න පුළුවන් බොහොම සීමිත කාලයයි. ඒ ක්‍රියාවලිය එයාලටම එපාවෙලා එයාලම ඒක නවත්තනවා. මොකද යකඩ වුණත් තැළෙන තැළෙන වාරයක් පාසා ශක්තිමත් වෙනවනෙ. ඒ වගේ හොඳ මනුස්සයන්ට මොන බොරු දේ කියලා වට්ටන්න හැදුවත් එහෙම වැටෙන් නෑ. ලංකාවේ විතරක් නෙවේ ලෝක‍යේ බොහෝ රටවල තමන්ට ගහන ගල් වලින් ජීවිතේම ගොඩ දාගත්ත මිනිස්සු ඉන්නවා. ඒ වගේම සමාජයෙන් විවිධ තාඩන පීඩනවලට ලක් වෙච්ච ඕන තරම් අය අද වෙද්දි සෑහෙන විදියට ජීවිතයේ දිනලා ඉන්නවා.

ඉතින් මේක කියවන ඔයා වැඩ කරන තැන, ඔයා ඉගෙන ගන්න තැන, ඔයා ආශ්‍රය කරන යාළුවන්ගෙ හෝ ඔයාගෙ පවුල ඇතුළේ ඔයාටත් මෙහෙම අත්දැකීම් විඳින්න සිද්ධ වෙලා ඇති. එහෙම නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම මෙහෙම අත්දැකීමක් ඔයාගෙ ජිවිතයේ කොයියම් හෝ අවස්ථාවක විඳීවි. අන්න එදාට ඔයාට කවුරු මොන විදියට කැපිලි දැම්මත්, වට්ටන්න හැදුවත් ඔයා දැනගන්න ඔයා ඔය පීඩනේට මුහුණ දෙන්නෙ ඔයාගේ ජිවිතයේ ඉස්සරහට තියෙන කාලේ ලස්සන කරගන්න විතරයි කියලා. ඒ වගේම ඔයා ඔතැනින් ගැලවිලා ගිය දවසක ඔයා පාඩුවේ ඔයාගේ ජීවිතේ win කරලා සතුටින් ඉද්දී ඔයාට පීඩනයක් දීපු අය එක අඩියක් ජීවිතයේ ඉස්සරහට තියලා නැතුව එක තැනම ඉඳීවි. එදාටත් ඔයා ඉන්න ඔයාගෙ පාඩුවේ. මොකද ඔයාට වැඩකට නැති අය වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න යන්න අවශ්‍ය නැති නිසා. ඔයාට පීඩනයක් දුන්න අයට දෙන්න පුළුවන් නියම පළිගැනීම නම් ඔයා ජීවිතයේ විඳින්න, ඒක එයාලට පේන්න දෙන්න. හැබැයි එයාලව නොසලකා හරින්න. එතකොට ඔයාට පුළුවන් අහගන්න “ඔයා ගොඩාක් වෙනස් වෙලා” කියලා.

ඉතින්, ඔව්, අපිට කරපු විදියට අපි කරාම ඔයාලට රිදෙනවා කියලා හිත හදාගෙන ඔයා ඔයාගේ චිල් එකේ ජීවිතයේ විඳින්න.

එස්.කේ.ඒ. චරිතා ලක්මිණී

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT