“පුදුම මිනිස්සු මේ ලෝකේ ඉන්නේ තව කෙනෙක් ඉස්සරහට යනවට හරිම ඊරිසියයි. මේ ලෝකේ , මේ සමාජයේ හරියට පිරිහිලා ගිහිල්ලා කියලයි මට නම් හිතෙන්නේ? ඔයාට කොහොමද ඒ ගැන හිතෙන්නේ..අපිට බැරි ද අනුන් ගැන හොයන්නේ නැතුව තමන් ගැන විතරක් හොයන්න.” දවසක් මගේ මිතුරියකට මම මෙහෙම කිව්වා. මම එහෙම කියපු ගමන් එයා මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.
මට පුදුමත් හිතුණා. ඒත් එක්කම පොඩි ලැජ්ජාවකුත් ආවා, මම මොනවා හරි වැරදි දෙයක්වත් ඇහුව ද කියලා. ඒත් එයා ඒ හිනාව අවසානයේදී මට ලස්සන answer එකකුත් දෙන්න අමතක කළේ නැහැ..මිනිස්සු පුදුම අය වුණේ නැත්තම් තමයි පුදුමේ කියන්නේ.. අමතක කරන්න එපා අපිත් ඒ පුදුම හිතෙන මිනිස්සු අතරෙම ඉන්න කැමැති පිරිසක් කියලා,ඒ විතරක් නෙමෙයි අපිට මිනිස්සු පුදුමයි කියලා හිතෙන්නෙත් අපිත් ඒ වරදම කරන නිසා වෙන්න බැරි නැද්ද? මෙන්න මගේ යාළුවා මට දීපු answer එක.ඒ කතාව කියපු ගමන් මට කියවුණේ Woow great කියලා විතරයි, ඒත් ටිකක් දුර හිතද්දි තමයි මට තේරුණේ මගේ ප්‍රශ්නෙට මමත් වැරදිකාරයෙක් කියලා. ඒ වගේම ඒ වචන තුන හතර ඇතුළේ ලොකු කතන්දරේකුත් අඳුරෙම හැංගිලා තියෙනවා කියලා දැනුණා. ඒ කතාව අපි කාටත් පොදු නොවෙන්න පුළුවන්. ඒත් වක්‍රව හරි අපි දැනටමත් ඒකේ සාමාජිකයෝ වෙලා ඉවරයි. අපි නොදැනුම්වත්ව හරි අද අපි යම්කිසි තැනක ඉන්නවනම් ඉන්නේ තවත් කෙනෙක්ව follow කරගෙන ඇවිත් නේද?.හැබැයි ඒ ආපු ගමනට වැඩි ආයුෂ නැහැ කියලා අපි දන්නේ නැතුවමත් නෙමෙයි, අපි එහෙම කරන්නේ. ඔයාලගේ හිත්වලින්ම අහලා බලන්න අපි තනියම කරපු දේවල් මොනවද කියලා.
ඇත්ත, අපිට තනියම මේ ජීවිතේ ගමන් කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා අපි තවත් කෙනෙක් ගැන හොයලා එයාව follow up කරන එකනම් ගොඩක් වැරදියි..දැන් බලන්න එහා ගෙදර ළමයා international school එකකට යද්දි අනික් ගෙදර ඉන්න අයට මේ situation එක ඉවසගන්න බැරි වෙනවා අන්තිමට ඉතිං මොනවා කරන්න ද? මුළු සමාජෙටම ණය වෙලා international school එකකටනම් දානවා. හැබැයි අර ගත්තු ණය ගෙවාගන්න බැරුව ලතවෙද්දි තමයි දැනෙන්නේ වේදනාව. ඒ වෙන මුකුත් නෙමෙයි, තවත් කෙනෙක් ඉදිරියට යයි කියලා තියන ඊරිසියාව. ඕකත් හරියට අර ගෙදරට light අරගත්තා කියලා කිව්වට බලන් ගියාම ගොඩක් කල් ජීවත් වෙලා තියෙන්නේ කුප්පි ලාම්පු එළියෙන් වගේ කතාවක්. අපි තවත් කෙනෙක් ගැන හොයලා ඒ කෙනාව අනුගමනය කරන්නේ ඒ කෙනාට වරදින්නේ කවද ද කියලා බලාගෙනයි.
එතකොට ඒ කෙනාට වැරදුණාම අපිට හරියන්නේ කොහොමද? මිනිස්සු නොහිතන්නෙත් ඕකම තමයි. ජීවිතේ කියන්නේ තවත් කෙනෙක්ගෙන් යැපෙන්න ඕන භාණ්ඩයක් නෙමෙයි. අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ හරියට කල්පනා කරලා බැලුවොත් අපිට ගොඩක් තියෙන්නේ අපේ ප්‍රශ්න නෙමෙයි අනුන්ගේ ප්‍රශ්න. අපි ඉතිං අනික් අය ගැන හොයද්දි ඉබේම එයාලගේ ප්‍රශ්න අපේම ප්‍රශ්නවලට convert වෙලා. අන්තිමට බලද්දි එයාලට වැඩිය අපිට එයාලගේ ප්‍රශ්න මහ හිසරදයක් වෙලා. අපි හැම කෙනාම කැමැතියි දෙපයින් නැඟිටින්න. ඒත් කොහේ කියලා නැඟිටින්න ද? නැඟිටින්න හිතුවා විතරයි අපිව වට්ටන්න කට්ටිය plan කරලත් ඉවරයි.අපි හැම කෙකනාම ජීවත් වෙන්නේ මෙහෙම සමාජයක. තව කෙනෙක් ගැන හොයලා ඒ කෙනාගේ වරදක් අල්ලගෙන ඒ වැරැද්ද එක දෙක කරලා අනික් අයට කියකිය හිනාවෙන එක මහ ලොකු දෙයක් කියලා හිතන් ඉන්න අය දන් නෑ එයලගේ වැරදි මොනවද කියලවත්.
මොකද ඒ වගේ අයගේ මුළු ජීවිතේම වැරැද්දක්. මමනම් කියන්නේ අපි අනෙක් අයගේ ජීවිතේ ගැන හොයන් නැතුව අපිටම ආවේණික වූ style එකකින් අපේ life එක ඉස්සරහට ගෙනියන්න try කරමු කියලයි. එහෙම වුණොත් අර පුදුම මිනිස්සු ගොඩෙන් අපිට එළියට එන්න පුළුවන් වෙයි. අපේම අදහස්වලින් අපිට ජීවත් වෙන්නත් බැරි වෙන එකක් නැහැ. හැමදාම අඳුරේ ජීවත් වෙන්න අපි කවුරුත් කැමැති නැහැ නේද? ඉතිං කැමැති නැද්ද ඔයාලගේ ජීවිතේටත් light අරන් එළිය කරගන්න. guys, අපිත් අනික් අය ගැන හොයන් නැතුව මේ fantacy ලෝකේ අපිට කොච්චර දුර follow up නැතුව ඉස්සරහට යන්න පුළුවන් ද කියලා දැනගන්න try එකක් දීලා බලමු.