Home » නායයෑම් හේතුවෙන් අනාථ කඳවුරුවල සිටින පවුල්වලට කඩිනමින් නිවාස

නායයෑම් හේතුවෙන් අනාථ කඳවුරුවල සිටින පවුල්වලට කඩිනමින් නිවාස

by yasara
February 10, 2025 4:33 pm 0 comment

නාය යෑම්වලට ලක් වී තවමත් අනාථ කඳවුරුවල සිටින පවුල් 73ක් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට පියවර ගන්නා බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය.

අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමග වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අද (10)  පැවති සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව එම නිවාස ඉදිකිරීමට මාර්තු මුල් සතියේ ආරම්භ කිරිමටත් කටයුතු කරන බව හෙතෙම කීවේය.

ඒ අනුව නායාම් නිසා කෑගෑල්ල දිස්ත්‍රික්කයේ පවුල් විසි දෙකක්(22) අනාථ කඳවුරුවල සිටින බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්ලුල්ල ප්‍රදේශයේ නායාම් නිසා වසර පහක් පුරා පවුල් පනස් එකක් (51) සිය දරු පවුල්ද සමග කබරගල වසා දැමූ තේ කර්මාන්ත ශාලාවක සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

මෙම ජනතාව සඳහා ස්ථිර නිවාස ඉදිකිරිම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වියදමින් සිදුකෙරෙන බවද විද්‍යාරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව හල්දුම්මුල්ල කබරගල නිවාස ඉදිකිරිම යුද හමුදාවත්, කෑගල්ල නිවාස ඉදිකිරිම නාවික හමුදාවත් බාර ගත් බව පැවසූ ඇමැතිවරයා එම නිවාස ඉදිකිරීම කඩිනම් කිරීම වෙනුවෙන් 15 වන සෙනසුරාදා දින කබරගල අවතැන් කඳවුර සහ 17 වන සඳුදා දින කෑගල්ල අවතැන් කඳවුර නිරීක්ෂණය කරන බව ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාව සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති, අතිරේක ලේකම්, දීප්තිකා ගුණරත්න, ආරක්ෂක අමාත්‍යාංශය අතිරේක ලේකම් ගාමිණි මගහමගේ මහත්ම මහත්මීන් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගිවුහ.

( නුවන් කොඩිකාර )

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT