Tuesday, March 25, 2025
Home » ලංකාව ලස්සන කරන්න ජපානයෙන් යෙන් මිලියන 300ක්

ලංකාව ලස්සන කරන්න ජපානයෙන් යෙන් මිලියන 300ක්

by chanaka
February 7, 2025 2:15 pm 0 comment

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක) ප්‍රදානයක් ලබා දී තිබේ.

ඒ, ජපානයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන මඟින් කසල ප්‍රවාහනය සඳහා භාවිත කරන නවීනතම කම්පැක්ටර් රථ 28ක් ලබා ගැනීම සඳහා ය.

මේ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකියෝ ඉසෝමතා විසින් අදාළ ලේඛන සඳහා අත්සන් තබා ඇත.

ඒ, ඉකුත් 3වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, මෙමඟින් කසල එකතු කිරීම සහ බැහැර කිරීම සඳහා වන ප්‍රයත්නය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇති බවයි. එසේම ‘Clean Sri Lanka’ වැඩසටහනෙහි අභිලාෂය පරිදි රටේ භෞතික පරිසරය වඩාත් පිරිසිදු බවට පරිවර්තනය කිරීම සහ තිරසර භාවිතයන් සඳහා යොදා ගත හැකි බවයි.

එසේම එහි වැඩි දුරටත් සඳහන් කර ඇතිතේ කසළ ප්‍රවාහනය සඳහා භාවිතා කරන නවීනතම කම්පැක්ටර් රථ ලබා දීම ශ්‍රී ලංකාවේ බස්නාහිර, උතුරු සහ නැඟෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියේ ධාරිතාව වැඩි දියුණු කිරීමේ හැකියාව වඩාත් ශක්තිමත් කරන අතර, එතුළින් සියලුම පුරවැසියන්ට පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වා ගෙන යාමට ද හැකියාව ලැබෙනු ඇති බවයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අකිකො ඉකුයිනා මහත්මිය ද සහභාගී වි තිබිණි.

රසික කොටුදුරගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT