33
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කරගෙන යන පරීක්ෂණවල ප්‍රගතිය සහ රටේ ඒ සම්බන්ධයෙන් මතුව තිබෙන කතාබහ ගැන විමසීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නීතිපති පාරින්ද රණසිංහ සහ අදාළ පරීක්ෂණ සිදු කරන රහස් පොලිස් නිලධාරීන් කැඳවා ඊයේ (06) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, සාකච්ඡාවක් සිදු වූ නමුත් මාධ්‍යයට ප්‍රකාශ කිරීමට තරම් දෙයක් සාකච්ඡා නොවුණු බවයි.
ඒ පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කරන බව ද ඔහු පැවසීය.