වැල්ලවාය පොලිස් වසම ඇල්ලපාර, රන්දෙණිය පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගගොස් එක් අයෙකු විසින් අනෙකාට පෙරේදා (05) පිහියකින් ඇන ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ 38 හැවිරිදි ඩී.එම්. චමිල් ඉඳුනිල් නැමති අයෙකි.
ඔහු පෙරේදා (05) සිය ඈම්ප් එක නිහාල් වී මෝලේ සිටින ඉලෙක්ට්‍රික් වැඩ කරන මොරටුව, කොරලවැල්ල මෝසලේන් හි පදිංචි 41 හැවිරිදි අයට සෑදීම සඳහා භාරදී තිබේ.
එය ලබා ගැනීමට ඔහු පිටවගොස් ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇත. එම ශබ්දය ඇසී ඔහුගේ බිරිය ද එම ස්ථානයට ගොස් තිබේ. එහිදී ඉලෙක්ට්‍රික් වැඩ කරන අය විසින් අනෙක් අයගේ පිටට පිහියකින් පහරවල් දෙකක් ඇන පලාගොස් ඇත.
තුවාලකරු ප්‍රදේශවාසීන් සමඟ එක්ව වැල්ලවාය මූලික රෝහලට ඇතුළත්කර තිබේ.
පලාගිය සැකකරු වැල්ලවාය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සහ පිහිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
වැල්ලවාය මූලස්ථාන පො.ප. ටී.එම්. කරුණාතිලක මහතා පරීක්ෂණ පවත්වයි.