විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පදනම් විරහිත චෝදනා කරමින් නොසිට නඩු දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.
ඒ නඩු ගොනු කරන විට ඇප ගත නොහැකි විදියටම නඩු ගොනු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
බුද්ධිමය දේපළ පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
කච්චතිව් දූපත ඉන්දියාවෙන් ඉල්ලන බවට ආරංචියක් තිබෙනවා. මැතිනිය අපට ඒක අරගත්තේ. එහෙම බේරාගෙන තිබෙන දේවල් රට වෙනුවෙන් රැක ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ගුරුවරියක දණ ගැස්සු වූ කතාව හැමදාම මේ පාර්ලිමේන්තුවේ කියනවා. දැන් ඒවා පරණයි. ඒවා කියන්න එපා. දැන් අලුත් කතාව තමයි සමන්ත විද්‍යාරත්න කජු කාපු ඒවා. අපි දැන් අඩියටම වැටිලා ඉන්නේ. ඒ වැටිලා ඉන්න වෙලාවේ නිමල් සිරිපාලලා, රමේෂ් පතිරණලා පැරදිලා සිටියදී බදුල්ලෙන් චාමර එව්වා.
ඒ නිසා මිනිස්සුන්ට පරණ කතා කියන්න එපා. ඒ නඩුව අධිකරණයෙන් නිදොස් කර නිදහස් කළා. පාසල් දරුවන්ට බෑග් බෙදීම සිදු කළ එකටත් මට චෝදනා කරනවා. මේ චෝදනා පදනම් විරහිතයි. ජනාධිපතිවරයාගේ ගමනට බාධා කරන මැති ඇමැතිවරු සිටිනවා.