Home » සහල් රු. 230ට වඩා විකුණන වෙළෙඳුන් අත්අඩංගුවට ගන්නවා

සහල් රු. 230ට වඩා විකුණන වෙළෙඳුන් අත්අඩංගුවට ගන්නවා

by mahesh
February 7, 2025 1:00 am 0 comment

වෙළඳපොළ තුළ සහල් කිලෝවක් රුපියල් 230ට වඩා වැඩි මුදලකට අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

සහල් ලබා ගැනීම සඳහා මෙවර ඉදිරිපත් කළ ටෙන්ඩරයට රුපියල් 230 කටත් අඩුවෙන් සහල් ලැබී ඇති අතර සතොස මඟින් ඉදිරියේදී එම සහල් අලෙවිය සිදු කරන බවත් රතු සහල් ද මේ වන විට ලැබී ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

වෙළඳපොළ තුළ සහල් වැඩි මිලකට අලෙවි කරන බව ප්‍රකාශ කරමින් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

දඹුල්ල, කොළඹ කොටුව, බදුල්ල, මාතර, ගාල්ල, රත්මලාන යනාදී සියලු ස්ථානවල වැටලීම් සිදු කර අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

සහල් හිඟය භාවිතා කර මිල වැඩි කිරීම් සුදුසු නොවන බවත් ගොවියාට පොහොර සහනාධාර ලබාදීම රජයෙන් සිදු කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT