Home » ලෝක සාමය උදෙසා යාපනයට වඩින භික්ෂු පාගමන තිස්සමහාරාමයෙන් ඇරඹෙයි

ලෝක සාමය උදෙසා යාපනයට වඩින භික්ෂු පාගමන තිස්සමහාරාමයෙන් ඇරඹෙයි

by yasara
February 7, 2025 3:24 pm 0 comment

ලෝක සාමය උදෙසා මෛත්‍රීය දයාව කරුණාව පතුරුවාලීමේ පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන් මාරය, හා ලාඕසය යන බෞද්ධ රටවල්හි භික්ෂුන්වහන්සේලා  50නමකට අධික ප්‍රමාණයක් පාගමනින් යාපනය දක්වා වැඩම කිරීම අද (07) උදැසන  තිස්ස මහාරාම රජමහා විහරස්ථානයෙන් ආරම්භ කෙරිණි.

තිස්සමහාරාම චෛත්‍ය අභියස  ආගමික වතාවත් සිදුකොට  තිස්ස මහාරාම රජමහ විහාරයේ විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක  ස්වාමින් වහන්සේගේ හා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශන පති පුජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමියන්ගේ අනුශාසනාවන්ගෙන් අනතුරුව මෙම භික්ෂු පාගමන ආරම්භ කරන ලදී.

මසකට අධික කාලයක් උතුරත් දකුණත් යාකරමින් මෙම සාම පාද චාරිකාවෙහි  භක්ෂුන් වහන්සේලා නිරත වීමට කටයුතු සලසා ඇති තිබේ.
 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT