කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ පයාගල ඈතගම ප්‍රදේශයේදී අද (07) අළුයම ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරු මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ මග්ගොන ,මාගල්කන්දේ පදිංචිකරුවෙකුවූ අමිත් මධුෂාන් නම්වූ 34 හැවිරිදි දෙදරු පියෙකි .
ත්‍රීරෝද රථ රියදුරු තම රථයෙන් පුද්ගලයෙකු කළුතර ප්‍රදේශයට ඇරලවා ආපසු බේරුවල දෙසට එමින් සිටියදී බේරුවල දෙස සිට පැමිණි ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි .
අනතුරෙන් ත්‍රීරෝද රථයට බරපතල අලාභහානි සිදුවී ඇති අතර තුවාල ලැබූ රියැදුරු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත
පොලිසිය මගින් ලොරි රථයේ රියැදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .